හිරු මැකී යයි නීල අහසේ - අමිල පෙරේරා ‍| Hiru makee yai neela ahase - Amila Perera - sinhala lyrics


හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

ගායනය - අමිල පෙරේරා
සංගීතය - මහේෂ් දෙනිපිටිය
ගී පද - ආරියසිංහ පෙරේරා
චිත්‍රපටිය - ආසයි මං පියාඹන්න(2004)




වීඩියෝව ගත්තෙ - UdeshSeneviratna



Comments