සිරියහනේ ලණු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි | Siri yahane lanu ihiri - Edward Jayakodi


සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්.එම්. ජයවර්ධන



Meththa Metta



Comments

  1. SIRIYHANE LAN IHIRI (LUN=KADULU) PL check

    ReplyDelete
    Replies
    1. ඇහෙන්නෙ නම් ලණු කියල තමයි!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...