සුළ‍ඟේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම | Sulange lelena - Shalitha Abeywickrama


සුළ‍ඟේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

සුළ‍ඟේ ලෙලෙනා...

සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...

සුළගේ ලෙලෙනා...

ගායනය - ශාලිත අබේවික්‍රම
සංගීතය - ශාලිත අබේවික්‍රම
ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර 

Comments

  1. පට්ටම පට්ට සිංදු තමයි ඉතිං

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...