පෙම්බර මධු මගේ - වික්ටර් රත්නායක | Pembara madhu mage - Victor Rathnayaka


පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී එල් ඒ සෝමපාල

Comments

  1. චිත්‍රපටය : පෙම්බර මධු

    ReplyDelete
  2. http://www.mediafire.com/?vcfmjwqzmn2

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=ViKzO5C7gwk

    ReplyDelete
  4. සංගීතය පී එල් ඒ සෝමපාල කිව්වට මේක උස්සපු එකක්.
    https://www.youtube.com/watch?v=c_thLNXUiHo

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...