ගාන තෙල් සඳුන් වරලස - සමන් ජයනාත් ජිනදාස | Gana Thel Sandun - Saman Jayanath Jinadasa - sinhala lyrics


ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී///
කෝල මුතු සිනා දෙතොලහි
පිපුනු රන් ලමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී///

සඳ හිනැහී එන යාමෙට
සුදු සඳ රැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙළමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී...

වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී...

ගායනය - සමන් ජයනාත් ජිනදාස
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - නවරත්න ගමගේ

Comments