හිරු විකසිත වී මියයන පොළවේ - අසංක ප්‍රියමන්ත පීරිස් | Hiru wikasitha wee - Asanka Priyamantha Peiris - sinhala lyrics


හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී
හිරු විකසිත වී...

හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී...

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය - හේමචන්ද්‍ර
සංගීතය -නන්දන ලියනගේ

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...