ඇසේ මතුවන - ඩබ්ලිව්. ඩී. අමරදේව | Ase Mathuwana - W. D. Amaradewa


ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...//

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ //
සොයා ආවෙම් පොලෝ තලයේ...//
අනේ පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...

ඉහල නිල්වන් අහස ‍විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බණ //
මගේ නෙත සිත මෝහනය කර...//
මගේ කුදුබ‍ව පසක් කර ඇත

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...


ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
සංගීතය - ඩබ්. ඩී. අමරදේව


Comments

  1. මම දන්නා විදියට "පුදුබව" කියලා නම් වචනයක් නෑ. මේ සින්දුවේ තියෙන්නේ මගේ "කුදු බව" කියල. මට මතකයි කලකට ඉහත තිබුන TV වැඩසටහනකදී අමරදේව මාස්ටර් මේ පද පෙළ ගැන කිව්වා..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි! නිවැරදි කලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මේ බ්ලොග් එක මාරු. හෙට අමරදේව මාස්ටර්ගේ 85 වෙනි උපන්දිනය. ඒ ගැන හොයද්දි තමයි මේක සෙට් වුනේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...